Thursday, April 28, 2011
අක්කා ටිකක් අමනාපෙන්...
තාත්තා - “මොකද ලොකූ“
අක්කා - “මොකද තමා“
මම - “ඇයි පුතේ“
අක්කා - “අදත් ඉස්කෝලෙ ප්‍රශ්න ඇහුවා... අපිට එකකටවත් උත්තර දෙන්න බැරි වුනා... “
මීට කලින් දවසක පන්තියේ ගෑණු පිරිමි දෙගොල්ල අතරේ තරඟයක් තියල තිබ්බා.. පිරිමි ළමයෙක් ප්‍රශ්නයක් ඇහුවම ගැහැණු ළමයි උත්තර දෙන්න ඕනා.. ගැහැණු ළමයෙක් ඇහුවම පිරිමි ළමයි උත්තර දෙන්න ඕනා... ගෙදර ඇවිත් කිව්වා මතකයි එයා විතරයි උත්තර දුන්නේ... කෙල්ලො එකෙක්වත් පාඩම් කරල නෑ අම්මෙ කියලා..
මම - “ඉතිං මොනද උනේ කියන්නකො“
අක්කා - “කොල්ලෝ අහන්නෙම ක්‍රිකට්.. ක්‍රිකට්.. ක්‍රිකට්..“
තාත්තා - “ඉතිං හොඳයිනෙ“
අක්කා - “ඔයාලා මට ආසාවකටවත් මැච් එකක් බලන්න දෙනවද?“
නිරුත්තර වූ අපි දෙන්නට දෙන්නා මූණ බලද්දී අර පණ්ඩිත පොඩි එකී.....
නංගි - “අක්කෙ මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්නද“
විමසිලිමත්ව ඈ දෙස බැලුවත් සිනාසීගෙන ඉන්න අපූරුව අපිවත් යථා තත්ත්වයට පත් කිරීමට සමත් වුනා...
නංගීව ගනනකට නොගත් අක්කා...
අක්කා - “අහනවකො බලන්න“
නංගී - “අක්කෙ තලගොයා බිම හාරන්නෙ මොකටද?“
අක්කා - “කෑම හොයන්නනෙ මෝඩියෙ“
නංගි - “එතකොට බිත්තර දාන්න නෙමේද?“
දෙයියනේ... හීනෙකිනවත් බලාපොරොත්තු නොවුන දෙයක්... මගෙ රත්තරන් ලොකු පුතේ... ඉස්කොලෙදි රිදිල, අම්මට තාත්තට ගතු කියන්න ආව ඔය හිත තවත් හොඳටෝම රිදෙන්න ඇති... ඒත් රත්තරන් ගනන් ගන්න එපා... සතුටු හිතන්න ඔයාගෙම නඟා ගැන... අම්ම ඔයා ගැන ගොඩක් ආඩම්බර වෙද්දි නංගි ඊට වඩා ආඩම්බරයක් දෙයිද කියලා හිතුනා... කොච්චරවත් අම්මගෙ කටට ඉවරයක් නැති කරන... තත්ත්පර දහයකදි පහළොහකදි කේලමක් කියාගෙන මා ළඟට එන... ඔයාල දෙන්නම ගැන මට සතුටුයි... ගොඩාක්... ඔයාත් නංගි ඉස්සරහට යනවට හිත යටින් කැමති බව මට මුලින්ම තේරුනේ... දවසක් ඔයාට පොතක් ගන්න කියලා සල්ලි ඉල්ලලා ඒකෙන් නංගිගෙ උපන් දිනේට දෙන්න පොතක් ගෙනත් හංගලා තියන්න හදපු දවසෙ.. පුංචි කමට ඒ කාලෙ ඔයා කළේ ලොකු වැඩක්... ඒත් ඉතින් උපන්දිනේ එනකම් ඒ තෑග්ග හන්ගගෙන ඉන්න බැරි වුනානෙ නංගිගෙ දස්සකම් නිසා..
තාත්තටත් හිනා ගියා තමයි නංගි කිව්ව දේට.... ඒත් අම්මට දුක හිතුනා ඔයා ගැන... ඒකයි මෙහෙම ලියන්න හිතුනේ... (නැතිව මාර මාමට බ්ලොග් පෝස්ට් 50ක් ඕන කියන නිසාම නෙමේ... )
Subscribe to:
Post Comments (Atom)



20 comments:
පවු අක්කේ කෙල්ල....එත් දුවල දෙන්නටම හොද තැනකට එන්න ලැබේව කියල ප්‍රර්ථනා කරනවා......
මේ ළමයින්ගේ ප්‍රශ්න බේරන එක ලේසි පාසු වැඩක් නෙවේ නේද..?
අක්කලාගේ පැත්තෙන් මට ඔක දකින්න බැරි උනාට...ඒ දවස්වල දහම් පාසල් කෙරුවාවෙන්ම මට ඕක හොදට දැනිලයි තිබුනේ...හනේ හම්මේ..කොයි පැත්තෙන් බැළුවත් එකෙක් තරහා වෙලා ඇති...ඒ ගේන කචල් විසදන්න නං වෙනම කෝස් එකක් කරන්න ඕන...
(50..එහෙමවත් කියමු)
@ සිතුවිලි නිහඬයි - ඔව් නංගි... අර බඩ්ඩ හිනා වෙවී කිව්වෙ.. පොඩි කමට නෙමේ... ස්තූතියි ඔයාගේ පැතුමට...
@ මාරයාගේ හෝරාව - අනේ ඔව් මලේ... වෙලාවකට පිස්සුයි වගේ... බේරලාම ඉවරයක් නැහැ... වෙලාවකට බැනල බැනල අපි තරහෙන් පුපුරනවා.. අර ඩබල හොඳට යාළු වෙලා...
ඔයා කොච්චර කිව්වත් මට තරහ අඩු කරගන්න අක්කේ කියලා... බැරිත් ඕකමනෙ මලේ... :)
ඔය රණ්ඩු ඔහොම තමා...... දෙන්නා ගහගන්නවා අපි බේරන්න යනකොට අපි තමා වැරදි ඒ දෙන්නම හරි. හිහ්.......
ආ මාර මාමාගේ ඉල්ලපු 50ත් හරි එහෙනම්.
සම්පූර්ණ වැරැද්ද අම්මාගෙයි තාත්තාගෙයි. මේ ළමයින්ට ක්‍රිකට් ගැන අහගන්න මල්ලි කෙනෙක් දීලා නැති එක. :D
දැන්වත් ඒ ගැන කම්පනා කලොත් මොකද? අහක ඉන්න අපට විතරක් කියන්නේ නැතුං....
අක්කාටත් නගාටත් තුණුරුවන් සරණයි.
එහෙම තමා වෙන්න ඕනේ අක්කේ. එතකොට තමා එයාල දැනුම හොයන් යන්නේ. එදිනෙදා නිතර පේන දේත් අපට නොපෙනෙන පැත්තක් තියනවා. ඒක දකින කෙනා නිහඬව නොසිට තමන් දකින දේ අනික් අයට පෙන්වා දෙනවනම් ඒ අයත් ඒ පැත් දකින්න ගන්නවා. පැංචියෝ දෙන්නටම හොඳ අනාගතයක් තියනවා.
නිර්ව්‍යාජ, ලස්සන සිතුවිලි....
අපේ කාලෙට වඩා දරුවො හුඟක් බුද්ධිමත්.
අම්ම කෙනෙකුගේ හිතේ දෝර ගලන අහිංසක සිතිවිලි සහ ප්‍රර්ථනා ගොන්නක්...!
තනෝජා ඔයගොල්ලො හැමෝටම තෙරුවන් සරණයි....!
පොඩි අයගෙ ලස්සන ලෝකෙ...............
මතක් වෙනවා අපේ කෙල්ලො දෙන්නගෙ පොඩි කාලෙ, රණ්ඩු සරුවල් ඉවරයක් නැහැ. දැන් බලන්න ඕනෙ දෙන්නගෙ බැඳීම. බ්ලොග් මිතුරො බොහොම සුළු ප්‍රමානෙකට දෙන්නම හමු වුනා ටික දවසකට කලින්. දැන් නම් දෙන්නම බැඳපු ගෑනු, එක්කෙනෙක් අම්ම කෙනෙක්.
ඔබේ දරුවන් ඇතුළු මුළු පව්ලටම සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනව.
(මම හිතන්නේ ඔබව දුටුවා කියල සය්බර් අවරුදු උත්සවය දවසේ, ඔබ යැය් සැක කලත් කලින් පෝස්ට් එකක නුවර යන බවක් කියා තිබු නිසා,වෙන කෙනෙක් වෙන්නැති කියල කතා කරන්න උනන්ඳු වුනේ නැහැ.)
@ හා පැටික්කි (MS) - හෙ හෙ මාර ඉල්ලුම සැපිරුවා නෙමෙ පැටික්කියේ... :)
@ RanDil - පුංචි පවුල රත්තරන්... ඔය ඇති බෝ ගෙනාවාම ඇති...
අර පුංචි පැටික්කිටත් ඔයාල දෙන්නටත් එපරිදිම වේවා!!
@ priyantha - ඒක ඇත්ත මලේ...
@ තිස්ස දොඩන්ගොඩ - :)
@ පිණිබිඳු... - ඔව් අනේ... ඉස්කෝලෙ කියල දෙන්නෙත් ඉතින් අපි O/L A/L වලට කරපුවානෙ... :)
@ දුමී- අනේ ස්තූතියා දුමි.. තාත්තලගෙ හිතේ විතරනෙ තියෙන්නෙ ඔය සිතිවිලි නේද?
@ අළුත් කොල්ලා - ඔව් අනේ... වෙලාවකට මතක් කර කර හිනා යන ඒවත් තියේ...
@ Observer - එහෙනම් මම අතීතෙ මතක් කළා වත්ද?
මම තමා ඒ... නුවර ගමන පස්සට දැම්මා... ඒක නිසා ටික වෙලාවකට ආවා... දැක්කෙ නැද්ද ඒ පෝස්ට් එක... මටනම් ඉතින් කථා කරන්න බය හිතුනා... ඇත්තමයි...
ඒ මොකද අප්පේ භය හිතුනෙ, ඒ තරං දරුණු පෙනුමක්ද මට තියෙන්නෙ?
අක්කා-නගෝ කතා නම් හරිම රසවත්, බොහෝ වෙලාවට අපි බලාපොරොත්තු නොවෙන මානෙකට ගිහින් අතාරිනවා. පුංචි කැදැල්ලට තෙරුවන් සරණයි.
නංගියේ පැංචියො දෙන්න අහන ඒව...... අම්මෙක්ගෙ අහින්සක පැතුම්....හරිම හිනා මටත් මේක කියවලා. නංගියා අක්කට වඩා ඉස්සරහට යයි වගේ කියල මට හිතෙනවා. පුංචි කමට කියන කතා.
මටත් හිතුනෙ නැහැ ඇත්තටම තලගොයා බිම හාරන්නෙ බිත්තර දාන්න කියලා...........
Post a Comment